සිංහල කෝ Posted by ka2e on 2012/07/14 Posted in: රුදුරු. ප්‍රතිචාරයක් ලබාදෙන්න රාජ්‍යට භාෂාව සිංහල වෙච්චි අපේ රටේ සිංහලවලට වෙලාතියන දේ ගැන පොඩ්ඩක් කියන්ඩ ඕනේ කියලා මට හිතුණා. අද ලංකාව පාලනය කෙරෙන්නේ සුද්දගේ නීතියට නෙමෙයි. 78දි ලංකාවේම අය එකතුවෙලා හදාගත්තු ව්‍යවස්ථාවක විදියට තමයි වැඩ කරන්නේ.ඒ ව්යමවස්තාවේ විදියට සිංහල තමයි ලංකාවේ ප්රහධානම භාෂාව වෙන්නේ. සිංහල අපි ඒකට කොච්චර නං සතුටු වෙන්ඩ ඕනෙද……? එහෙම කිව්වට කොහොම සතුටු වෙනඩද…….? කොච්චර සිංහල රටක් වුණත් අනේ කරුමෙටද මංදා අපේ රටෙත් පාව්ච්චි කරන්නේ මේ වැඩකට නැති ඉංග්රීඩසියමනේ. පාර තොටේ යනකොට දෙපැත්තේ තියෙන කඩවල්වල , ආයතනවල එල්ලලා තියෙන දැන්වීම් බලන්ඩසකෝ………. වැඩි හරියක් තියෙන්නෙම ඉංග්රීලසියෙන්. ගොඩක් ඒවා ලියලා තියෙන්නේ ඉංග්රීලසි අකුරෙන්මයි. තව සමහර එව්වා ඉංග්රීගසි වචනය සිංහල අකුරෙන් ලියලා තියෙනවා. කලාතුරකින් තමයි සිංහල නමක් තියෙන සිංහල අකුරෙන් ලියපු දැන්වීම් දකින්ඩ තියෙන්නේ. බහුතරයකම අඩුම තරමේ ලිපිනයවත් ඉංග්රීංසියෙන් ලියලා තමයි දැන්වීම එල්ලන්නේ. රාජ්යම භාෂෘව සිංහල නං බහුතරයක් ජනතාව සිංහල නං මේ කඩවල්වලට, ආයතනවලට යනවැඩිදෙනෙක් සිංහලනං ඒවායේ වැඩ කරන බහුතරයත් සිංහල නං මොකක්ද මේ ඉංග්රී සි යෙදවිල්ලේ ඇති වැඩේ. හොඳම දේ කියන්නේ මේ රටේ රාජ්යන ආයතනවලත් මේ ලෙඩේමනේ. කොටින්ම කියනවානං ඒවායේ නම ගම් විතරක් නෙමේ ලියකියවිලි ඔක්කොමත් මේ පර භාෂාවෙන්මනේ. ඔය විදියට ගියාම අපේ රටේ තියෙන ඔක්කොම දේවල් මේ පර භාෂාවට හැරවෙනවනේග දැනටත් ගොඩක් දේවල් ඒ විදියට වෙලා ඉවරයිග කොළඹට යන කෙනෙක්ගෙන් අහලා බලන්ඩකෝ කොහෙද යන්නේ කියලාග වැඩි දෙනෙක් කියන්නේ කොළඹ යනවා කියලා නෙමෙයි කොළම්බු යනවා කියලාග ත්රිෙකුණාමලය දැං ගොඩක් දෙනෙක්ට ට්රිංිකො වෙලාග කොළඹ ඉඳලා මහනුවරට යන කෝච්චිය කට්ටිය අදුනන්නේ කැන්ඩිය කියලාග ඉස්සර ලංකාවේ සිංහල නම් තිබුණ උතුරේ ගම් නගර අද ගොඩක් ඒවා සිංහල අපි අදුරන්නෙත් දෙමළ නම කිවුවහම තමයිග ඔය වෙච්චි දේ ඔය විදියටම ඉංග්රීරසියට පෙරලෙයි ඉක්මනටම.අනේ මංදා මෙහෙම ගියාම තව මොනවායින් මොනවා ඉංග්රීගසියට පෙරළෙයිද දන්නේ නෑ. ඔයාලට පුළුවන්නං මෙහෙම වෙන්ඩ හේතුවවත් කියන්ඩකෝ…………. ප.ලි. ඔන්න ඒකට නේපාලේ. ඒ ගොල්ලංගේ පාසල්වලට ඉංග්‍රීසි නම් දාන එකත් තහනම් කරලා. තියෙන ඒවත් ඉක්මනින්ම නම් වෙනස් කරන්ඩ කියලා නියෝග දීලා තියෙන්නේ. අපේ උන් නං හොයන්නෙම ඉංග්‍රීසි නම් තියෙන ඒවනේ. ගොඩක් අය පාසල අදුරන්නෙත් නෑනේ. ඒ ගොල්ලෝ දන්නේ ඉස්කෝලෙනේ. Shareබෙදාහරින්නClick to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to print(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Twitter(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on LinkedIn(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Reddit(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Pinterest(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to email a link to a friend(නව වින්ඩෝවකින් විවෘත වේ)Click to share on Tumblr(නව වින්ඩෝවකින් විවෘත වේ)කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි ලිපි යාත්‍රණය ← අලුත් විදියට මානව හිමිකම් එකට නෑම →