අද පරණ පොත් වගයක් අවුස්සනකොට මට හම්බවුණ පරණ දින දර්ශනයක්. පරණ කිවුවට ඒක තව අවුරුදු ගාණකට හරියන එකක්. පුස්කොල පොතක තිබිලා හම්බවෙච්චි එකක්. එහෙම කිවුවට මට හම්බවුණේ පුස්කොල පොතක තිබිලා නෙමේ. පරණ පත්තරේක තිබිලා. පත්තරේට ලිපිය එවපු කෙනාට තමයි පුස්කොල පොතකින් හම්බවෙලා තියෙන්නේ.ලෝක විනාසෙත් ළඟ එන හින්දා මට හිතුණා මේක කට්ටියට බලන්ඩ දැම්මොත් හොඳයි කියලා. හැබැයි මේක ලෝක විනාසය ගැන කියන එකක් නං නෙමේ.
මේකෙන් දිනේ බලන විදිය තේරුණාද. මෙහෙමයි….. පළවෙනි වගුවෙන් තමන්ට ඕනේ කරන අවුරුද්ද තෝරගන්ඩ. ඊළඟට ඒ කෙලින්ම තියෙන ඔයාට ඔනේ කරන මාසෙත් එක්ක ගලපලා ඒකට අයිති වෙන අකුර හොයාගන්ඩ ඕනේ. ඊට පස්සේ දෙවෙනි වගුවෙන් ඒ අදාල අකුරට අයිති වෙන කොටුව තෝරගෙන ඔනේ කරන දිනේ බලා ගන්ඩ පුළුවන් වෙයි.
ඔය විදියට අපිටත් පුළුවන් තව අවුරුදු කීයකට වුණත් හරියන දිනදසුනක් හදන්ඩ ඒ ක්රයමය මම හොයා ගත්තා කොච්චර කාලෙකට වුණත් අවුරුද්දේ දින තියෙන ක්රුම තියෙන්නේ 14යි ඒ මෙහෙමයි
දුරුතු පළමුවෙනිදා සඳුදා වෙන සාමාන්‍ය අවුරුද්දක් වෙනඩ පුළුවන් ඒ වගේම අධික අවුරුද්දක් වෙන්ඩත් පුළුවන්
දුරුතු පළමුවෙනිදා අඟහරුවාදා වෙන සාමාන්යව අවුරුද්දක් වෙනඩ පුළුවන් ඒ වගේම අධික අවුරුද්දක් වෙන්ඩත් පුළුවන්
ඔය විදියට සතියේ දවස් 7ට එනකොට ක්ර ම 14යි
උඩ වගුවේ විදියට ඒ ක්රදම 14දී අකුරු පේළිය තියෙන්ඩ ඕනේ විදියත් මම කියන්නංකො මේ තියෙන්නේ අන්න ඒක
1 ඉරිදා(සාමාන්‍ය) අ ඊ ඊ ඔ ආ උ ඔ ඉ එ අ ඊ එ
1ඉරිදා(අධීක) අ ඊ උ අ ඉ එ අ ඊ ඔ ආ උ ඔ
1 සඳුදා(සාමාන්‍ය) ආ උ උ අ ඉ එ අ ඊ ඔ ආ උ ඔ
1සඳුදා(අධීක) ආ උ එ ආ ඊ ඔ ආ උ අ ඉ එ අ
1 අඟහරුවාදා(සාමාන්‍ය) ඉ එ එ ආ ඊ ඔ ආ උ අ ඉ එ අ
1අඟහරුවාදා(අධීක) ඉ එ ඔ ඉ උ අ ඉ එ ආ ඊ ඔ ආ
1 බදාදා(සාමාන්‍ය) ඊ ඔ ඔ ඉ උ අ ඉ එ ආ ඊ ඔ ආ
1බදාදා(අධීක) ඊ ඔ අ ඊ එ ආ ඊ ඔ ඉ උ අ ඉ
1 බ්‍රහස්පතින්දා(සාමාන්‍ය) උ අ අ ඊ එ ආ ඊ ඔ ඉ උ අ ඉ
1බ්‍රහස්පතින්දා(අධීක) උ අ ආ උ ඔ ඉ උ අ ඊ එ ආ ඊ
1 සිකුරාදා(සාමාන්‍ය) එ ආ ආ උ ඔ ඉ උ අ ඊ එ ආ ඊ
1සිකුරාදා(අධීක) එ ආ ඉ එ අ ඊ එ ආ උ ඔ ඉ උ
1 සෙනසුරාදා(සාමාන්‍ය) ඔ ඉ ඉ එ අ ඊ එ ආ උ ඔ ඉ උ
1සෙනසුරාදා(අධීක) ඔ ඉ ඊ ඔ ආ උ ඔ ඉ එ අ ඊ එ
හරි ඒකට අවුරුද්ද ගලප ගන්න විදිය ඉතින් මම කියන්ඩ ඕනේ නෑනේ.